එහෙම නිකන් ඉද්දී මිනිස්සුන්ට අමුතු අමුතු දේවල් ගොඩා....ක් හිතෙනවනේ. (ඈහ්... හිතිලා නැද්ද...? නිකන් ඉදලා බලන්නකෝ.. හිතෙයි..🤣) ඔන්න එහෙම නිකන් හිටපු එක හැන්දෑවක වාරාට හිතුනා බ්ලොගක් ලියන්න. බොලේ මෙන්න වාරා බ්ලොගක් පටන් අරගෙනත් එක්ක.
වාරා කියන්නේ මරාති භාෂාවෙන් සුළඟට. දන්නවනේ සුළඟට එක තැනක රැදෙන්නම බෑනේ. මාත් ඒ වගේ. යනවා යනවා යනවා...... හැම තැනම යනවා..🤣.. (හිකිස්) සහෝදරවරුනි ඉතින් වාරාට බ්ලොග අමතක වුණා...!!! ( මල කෙළියයි ජූලි හත්දාස් අසූ එකයි කිව්වලු....!) සමහරුන්ට මතකත් ඇති ඒ කාලේ තිබ්බා “ සිහින ලෝකයක් “ කියන බ්ලොග. ආ... අන්න ඒක වාරාගේ...!
ඒ කාලේ වාරා නිකමෙක් වගේ නෙවෙයි අන්තරස්ජාලයේ හිටියේ...! අන්තර් සම්මානලාභී ඩෑල් එකක් වගේ පොර ටෝක්ස් තමයි දාලා තිබ්බෙත්...😉 ඒත් ඉතින් වාරාට එක තැනක ඉන්න තියෙන අමාරුව නිසාම බ්ලොග අමතක වෙලා නන්නත්තාර වෙලා ගියා ඕං.
“ උක්ත සිදුවීම සිදුවී පුරා වසර පහකට පසු වාරාට ඇතිවූ අමුතුම උන්මාදයක් හේතුකොටගෙන සුළඟේ ගසා යන ජීවිතය මොහොතකට නැවතුම්පොළක නවතා වාරාගේ සිතුවිල්ල සයිබරයට මුදාහරිනු වස් වාරාගේ නමින්ම බ්ලොගක් පිහිටුවන ලදී. "ඉතින් සහෝදරවරුනි, සුළඟේ පාවෙන උන් ගොඩක් ඉන්න පුළුවන්. ඒ හැම එකෙක්ම එකම තැනක රැදෙන්නේ නෑ. එකම තැනකට ආයෙත් එන්නෙත් නෑ. ඒත් වාරා රැදෙන්නයි හදන්නේ. ඒ වගේම තවත් සුළඟේ ගසායන ජීවිත වාරා ළඟ නවත්තගන්නයි හදන්නේ. ( මානව හිමිකම් කඩ කොරලා මිනිස්සු බලෙන් තියාන ඉන්නවා කියලා නඩු දාන්න එහෙම හදන්න එපා ඕං...!)
වාරාගේ ආගමනය කියලා මහා පොත් රාජයෙක් එළි දක්වනවා වගේ හෙන හෑල්ලක් ලියන්න වාරා යන්නේ නෑ ඕං. වාරා හමාගෙන නොයන වෙලාවට මොනවා හරි ලියන්න තමයි හදන්නේ. නිකමට වගේ...!
වාරා එක්ක නිකමට හමාගෙන යමුකෝ එහෙනම්....!!!!!!!!
වැඩි වැඩියෙන් සුළං ලැබේවා....!!!!
No comments:
Post a Comment