Thursday, May 31, 2018

පිය වෙමි දුවණි...!

සුමුදු සුදු මුදු තාලෙට
තබන අඩි මනු ලෝකෙට
තුරුව වට ලිය විලසට
රැදෙමි මම නුඹ අසලම

කුජන බඳු මිරු සරින්
පිටව එන වැකි මුවින්
තනුව බැඳි පද ලෙසන්
විදිමි මම නුඹ ළඟින්
හිරුට බිය හිම විලසින
ගලන රුදු බිඳු කඳුළට
ගඟට බැඳි බැමි විලසට
තනමි බාධා සෙනේ සිරකර
හමන මල් පෙති සුවඳට
රඟන වන බිඟු විෂදළ
නසන මහ සෙන් නිරිඳුව
රකිමි මම නුඹ නිරතර
ඇතුන් මුව රැඳි වැලිකැට
කලක ඔප වැටි මුතුකැට
ඇතිඳු මම නම් ලෝකෙට
නුඹය මුව රැකි වැලිකැට
පවන මල මත තවරන
මලට හිමි වුණ මකරද
එක්ව බිහි කෙරූ පලලෙස
මලට හිමි පල නුඹමය
අකල මළ ගිය පුෂ්පය
පණදී බිහි කළ කැකුළිය
අහිමි මල් පෙම නොඳුණද
දුවණි නුඹ මගේ කැකුළිය
©ASD
05/05/2018

No comments:

Post a Comment