වෙලෙන සීතල ගත වටකර
හැකිළෙමි උණුහුමකට
නමුදු සීතල හදවතක්
කළ හැකිවේවිද උණුසුම්...
සිත අද්දර රැඳුණු උණුහුම
රැගෙන ගිය කළ...
හිම වරුසා වසීවී...
සිහිල් සුළං හමාවී...
නිරුවත් හදවත,
පීඩිතය නිසලව අද.
හිම තලාවේ නැවතී,
යා නොහී නිසල වී
මිදී හිම කැටියක් ලෙස...
පණ අදියි කෙමෙන්...
බිඳයි තව ඉතිරි...
මියෙයි හදවත නුඳුරේදී...
අපේක්ෂාවකි එය නම්,
මළගම රිදෙන හදවතේ.
එවිට හැකිළුන විට සීතලට
ගත උණුසුම් වෙනු ඇත...
පීඩිත සිතක් තව නැත...!
©ASD (වාරා) (20/12/2017)
No comments:
Post a Comment