Thursday, May 31, 2018

පිය වෙමි දුවණි...!

සුමුදු සුදු මුදු තාලෙට
තබන අඩි මනු ලෝකෙට
තුරුව වට ලිය විලසට
රැදෙමි මම නුඹ අසලම

කුජන බඳු මිරු සරින්
පිටව එන වැකි මුවින්
තනුව බැඳි පද ලෙසන්
විදිමි මම නුඹ ළඟින්
හිරුට බිය හිම විලසින
ගලන රුදු බිඳු කඳුළට
ගඟට බැඳි බැමි විලසට
තනමි බාධා සෙනේ සිරකර
හමන මල් පෙති සුවඳට
රඟන වන බිඟු විෂදළ
නසන මහ සෙන් නිරිඳුව
රකිමි මම නුඹ නිරතර
ඇතුන් මුව රැඳි වැලිකැට
කලක ඔප වැටි මුතුකැට
ඇතිඳු මම නම් ලෝකෙට
නුඹය මුව රැකි වැලිකැට
පවන මල මත තවරන
මලට හිමි වුණ මකරද
එක්ව බිහි කෙරූ පලලෙස
මලට හිමි පල නුඹමය
අකල මළ ගිය පුෂ්පය
පණදී බිහි කළ කැකුළිය
අහිමි මල් පෙම නොඳුණද
දුවණි නුඹ මගේ කැකුළිය
©ASD
05/05/2018

Monday, May 21, 2018

international version හා local version

    නූතන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා වනාහී කුමන ආකාරයේ පුද්ගලයෙක්දැයි විමසා බැලිය යුතු කාරණයකි. ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයා යනු යම් කිසි සරල සාමාන්‍ය රසාස්වාදයක් පමණක් අපේක්ෂා කරනා හුදෙක් බාහිර වින්දනය පමණක් උවමනා කරන අයෙක් පමණක් යැයි යන කියමන සත්‍යයක්ද..?

   මෙකී ගැටළුව මා හට මතුවන්නේ ඉකුත් සාහිත්‍ය මාසය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංවිධානය කළ චිත්‍රපට උළෙලකදී නැරඹූ 
ශමීර රංඟන නාඔටුන්නගේ ‘‘මොටර් බයිසිකල් ‘‘ චිත්‍රපටයෙන් අනතුරුව ගොඩනැගුනු සංවාදයේදී මතුවූ කරුණයක් අරඹයා ය. මෝටර් බයිසිකල් චිත්‍රපටය තුළ එක් ආදර ජවනිකාවකට අනතුරුව විකාශය වූ  ගීතයක් තිබුණි. 

    
   චිත්‍රපටයේ වූ ආදර ජවනිකාවක් අනතුරුව විකාශය වූ ගීතය එම ස්ථානයට උචිතද නැතහොත් එම ගීතය එහි යෙදුනේ හුදෙක් චිත්‍රපටි වල නිතර දක්නට ලැබෙනා ආදර ගීත රැල්ලට දැයි යන ප්‍රශ්නය ප්‍රේක්ෂකාගාරයෙන් නැඟුනි. එයට ලැබුන පිළිතුරේ මෙවැන්නක් අන්තර්ගතව තිබුණි.

   “ මෙකී චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය ලෙස සංස්කරණ දෙකකින් යුක්ත අතර එහි අන්තර්ජාතික සංස්කරණයෙහි මෙම ආදර ගීතය අඩංගු නොවන බවයි

    මෙලෙස ලාංකීය චිත්‍රපටයක් නිර්මාණය වන්නේ ඇයි..? වරද නිර්මාණකරුගේද? ප්‍රේක්ෂකයාගේද?  මේ පිළිබව විමසා බලන කල්හී පෙනී යන එක්තරා කරුණක් නම් ශ්‍රි ලාංකීය චිත්‍රපට ශාලාවක් තුල ප්‍රේක්ෂක ආකර්ශණයක් පවත්වා ගැනීම උදෙසා මෙවැනි දර්ශන අත්‍යාවශ්‍ය බවය. හුදෙක් නිර්මාණකරුවා බිහි කරනා නිර්මාණය සිනමා ශාලාවක් තුල අසාර්ථක වනවා දැකීමට නිර්මාණකරුවා කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නැත. කෙතරම් ගුණාත්මක නිර්මාණයක් වුවද පවතින නූතන සමාජය තුල වාණිජමය අරමුණු මූලිකත්වය ගැනීම නවතාලීම අපහසුය.

     නමුත් සදහන් කල යුතුම දෙයක් තිබේ. මොටර් බයිසිකල් යනු සිංහල සිනමාව තුල බිහිවූ නියම සිනමා නිර්මාණයකි. අධ්‍යක්ෂකවරයා කතා කල යුතු සමාජ මාතෘකාවන් රැසක් නියමාකාරයෙන් ප්‍රේක්ෂාකාගාරයට ඉදිරිපත් කරවන අද්විතීය නිර්මාණයකි.

   නමුත් ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයා චිත්‍රපටය තුලින් එකී කතාව දුටුවාද? නිර්මාණකරුගේ වෑයම නියමාකාරයෙන් අත් වින්දාද? සැක සහිතය. තවදුරටත් විමසා බලන කල්හි මෙකී තත්වයට හේතුව ලෙස මා රිදී තිරයට වඩා පුංචි තිරයේ නිර්මාණ මෙයට වගකිව යුතුයැයි සිතමි. සිනමා තිරයට සාපේක්ෂව පුංචි තිරය ප්‍රේක්ෂකයාගේ දෑස ආමන්ත්‍රණය කරනවා වැඩිය. ඊටත් අමතරව මනස ආමන්ත්‍රණය කිරීම වැඩිය. නූතන මාධ්‍යය තුල සවස් යාමය පුරා දක්නට ලැබෙන ඉන්දීය ටෙලි නාට්‍ය මෙන්ම ඒ ආභාෂයෙන් ගොඩ නැගෙන සිංහල ටෙලි නාට්‍ය තුලද දක්නට ලැබෙන්නේ පොදු න්‍යායකි. එකම රැල්ලකි. එකී රැල්ල ඔඩු දුවන්නේ පුංචි තිරය මත පමණක් නොව රිදී තිරය තුලත්ය.
  

   කාමුක දර්ශනයක් හෝ ආදර ජවනිකා හෝ ආදර ගීත චිත්‍රපටයක උචිත ස්ථාන වල යෙදීම අනුමත කල හැකිය. මන්ද යත් එම දර්ශනය පැහැදිලි කිරීමට එම ගීතය හෝ එම දර්ශනය අවැසි නම් එය ඇතුළත් කළ යුතුමය. නමුදු හුදෙක් රසවින්දනය උදෙසා පමණක් නැතහොත් ප්‍රේක්ෂකයාට ආතල් එකක් සැපයීම සදහා පමණක් යම් කිසි දර්ශනයක් චිත්‍රපටයට එක් වේ නම් කෙතරම් අර්ථ පූර්ණ චිත්‍රපටයක වුවද එකී ගලා යෑමට විශාල බාධකයක් එල්ල වන බව වාරා මුමුණමි
.

   නමුත් ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයා චිත්‍රපටය තුලින් එකී කතාව දුටුවාද? සැක සහිතය. තවදුරටත් විමසා බලන කල්හි මෙකී තත්වයට හේතුව ලෙස මා රිදී තිරයට වඩා පුංචි තිරයේ නිර්මාණ මෙයට වගකිව යුතුයැයි සිතමි. සිනමා තිරයට සාපේක්ෂව පුංචි තිරය ප්‍රේක්ෂකයාගේ දෑස ආමන්ත්‍රණය කරනවා වැඩිය. ඊටත් අමතරව මනස ආමන්ත්‍රණය කිරීම වැඩිය. නූතන මාධ්‍යය තුල සවස් යාමය පුරා දක්නට ලැබෙන ඉන්දීය ටෙලි නාට්‍ය මෙන්ම ඒ ආභාෂයෙන් ගොඩ නැගෙන සිංහල ටෙලි නාට්‍ය තුලද දක්නට ලැබෙන්නේ පොදු න්‍යායකි. එකම රැල්ලකි. එකී රැල්ල ඔඩු දුවන්නේ පුංචි තිරය මත පමණක් නොව රිදී තිරය තුලත්ය.

   නළුවා හෝ නිළිය ආදර ජවනිකාවක් ර
දක්වන්නේ නම් එකී ජවනිකාව ඉස්මතු කරලීම උදෙසා ගීතයක් වාදනය වීම උචිත යැයි ප්‍රේක්ෂකයා සිතති. එසේ පමණක් නොව එකී ගීතය තුල නළුවා හෝ නිලියගේ ශුංගාරාත්මක හා වින්දනීය දසුනක් නූතන ව්‍යවහාරික වචනයෙන්ම පවසනවා නම් ‘‘හුදෙක් ආතල්‘‘ එකක් පෙන්වනවා නම් ප්‍රේක්ෂකයා බොහෝ සෙයින් කැමතිය. තවද එකී දර්ශන තලයන් තුල කාමුක දර්ශන ඇතුලත් වෙනවා නම් සිනමා ශාලාවේ පුටු හිස් නොවේ. ප්‍රේක්ෂකයා සිනමා පටයකින් සොයන්නේ එවන්වූ හුදු පහත් වූ වින්දනයක් පමණක්දෝ හැඟීයන්නේ නූතන නිර්මාණ දකිනා විටය.
   

   රේඛාවෙන් ඇරඹි සිංහළ සිනමා වංශකතාවේ ආදර ජවනිකා ආදර ගීත අඩංගු නොවේ යැයි වාරා නොකියමි. නමුත් වාණිජ අරමුණෙන් ඔබ්බට ගියාවූ යථාර්ථවාදී සිනමාවක්ද රසවිදිය හැකි ප්‍රේක්ෂකාගාරයක් අපිට තිබිය යුතුම වන්නේය. වාණිජ සිනමාකරණය තිබිය යුතුමය. නැතහොත් අපගේ සිනමා කර්මාණ්තය කඩා වැටෙණු ඇත. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයාට එකක්ද පිටරැටියන්ට එකක්ද ලෙස යැයි නිර්මාණකරුවා නොසිතන්නාවූ ප්‍රේක්ෂකාගාරයක් අප සතුව සිටිය යුතුමය. සිදු කළ යුත්තේ කළාවේ එම ඉසව්ව වසා දැමීම නොව අපේ ඔළු ගෙඩි තුළ ඇති ඊනියා ආකල්පයන් ක්ෂය කර දැමීමය.

   අන්තර්ජාතික සංස්කරණ හා දේශිය සංස්කරණ යනුවෙන් දෙකක් බිහිවන්නේ මෙකී ප්‍රේක්ෂකාගාර දෙකක් ආමන්ත්‍රණය කිරීමේ අරමුණෙන්ය. මේ අනුව සිතන කල අන්තර්ජාතික ප්‍රේක්ෂකාගාරය චිත්‍රපටයක් තුළින් හුදු වින්දනය පමණක් අපේක්ෂා නොකරන බව වටහා ගත හැකිය. නමුත් වත්මන් ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයාගේ ගමන් දිශාව , නැතහොත් මානය සැක සහිතය. ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ රැල්ල නම් රැල්ලට යෑම නිර්මාණ කරුගේ මානය නම් එයද වැරදිය. වාණිජමය චිත්‍රපටයක් තුල ප්‍රේක්ෂකාගාරය ඉල්ලන දේ ලබා දිය නොහැකි නම් වාණිජමය නිර්මාණයද අසාර්ථකය. එබැවින් සෑදිය යුතු නිවැරදිම තැන ඇත්තේ වෙන කොතනකවත් නොව මිනිසාගේ මනස තුලය. හුදු වින්දනයට අමතර යමක් ඇත්නම් එයද සොයා බැලිය යුත්තේ ප්‍රේක්ෂකයාය. චිත්‍රපටය සාර්ථක වන්නේද ගුණාත්මක බවින් යුක්තවන්නේද එවන් වූ ප්‍රේක්ෂකාගාරයක් තුලදීය.


   එහෙයින් වෙනස් විය යුත්තේ ප්‍රේක්ෂකයාගේ මනස නම් එකී මනස සැකසීමට බලපාන බාහිර සමාජ සාධක රාශියක් වෙනස් විය යුතු වන්නේය. එහි මූලිකම පියවර තැබිය යුත්තේ මනසට සමීපතම පුංචි තිරයේ මාධ්‍ය තුලින් යැයි වාරා සුළ
ට මෙසේ මුමුණමි. එවිට රිදී තිරය වඩාත් සාර්ථක ලෙස ප්‍රේක්ෂකයාගේ මනස ආමන්ත්‍රණය කරනු ඇත. තව දුරටත් international version හා local version බිහි නොවනු ඇත. 


වාරා 
අක්බාර් සිට (21/08/2017)

(#වාරා ඉස්සර ලියපු ලිපියක් බව සළකන්න)

හමන සුළඟ‍ට ලියමි...!

   හායි... මං වාරා... වාරා කිව්වම නිකන් සාරා වගේ කෙල්ලෙක්ව නේද මතක් වුණේ..🤣 ඔබගේ බලාපොරොත්තු බින්දට සමාවුව මැනවි. මං කොල්ලෙක්...! සුළඟට පාවෙලා යන කොල්ලෙක්...! සුළඟට පාවෙලා යනවා කියන්නේ අපි කිසිම දෙයක් නොකර ඔහේ ඉන්න එකනේ. එහෙම අයට නිකමා කියලාත් කියනවා. 
 මමත් නිකන් ඉන්න පුරුදු වුන එකෙක් ඕං....
  එහෙම නිකන් ඉද්දී මිනිස්සුන්ට අමුතු අමුතු දේවල් ගොඩා....ක් හිතෙනවනේ. (ඈහ්... හිතිලා නැද්ද...? නිකන් ඉදලා බලන්නකෝ.. හිතෙයි..🤣) ඔන්න එහෙම නිකන් හිටපු එක හැන්දෑවක වාරාට හිතුනා බ්ලොගක් ලියන්න. බොලේ මෙන්න වාරා බ්ලොගක් පටන් අරගෙනත් එක්ක.
   වාරා කියන්නේ මරාති භාෂාවෙන් සුළඟට. දන්නවනේ සුළඟට එක තැනක රැදෙන්නම බෑනේ. මාත් ඒ වගේ. යනවා යනවා යනවා...... හැම තැනම යනවා..🤣.. (හිකිස්) සහෝදරවරුනි ඉතින් වාරාට බ්ලොග අමතක වුණා...!!! ( මල කෙළියයි ජූලි හත්දාස් අසූ එකයි කිව්වලු....!) සමහරුන්ට මතකත් ඇති ඒ කාලේ තිබ්බා “ සිහින ලෝකයක් “ කියන බ්ලොග. ආ... අන්න ඒක වාරාගේ...!
   ඒ කාලේ වාරා නිකමෙක් වගේ නෙවෙයි අන්තරස්ජාලයේ හිටියේ...! අන්තර් සම්මානලාභී ඩෑල් එකක් වගේ පොර ටෝක්ස් තමයි දාලා තිබ්බෙත්...😉 ඒත් ඉතින් වාරාට එක තැනක ඉන්න තියෙන අමාරුව නිසාම බ්ලොග අමතක වෙලා නන්නත්තාර වෙලා ගියා ඕං.
   “ උක්ත සිදුවීම සිදුවී පුරා වසර පහකට පසු වාරාට ඇතිවූ අමුතුම උන්මාදයක් හේතුකොටගෙන සුළ‍ඟ‍ේ ගසා යන ජීවිතය මොහොතකට නැවතුම්පොළක නවතා වාරාගේ සිතුවිල්ල සයිබරයට මුදාහරිනු වස් වාරාගේ නමින්ම බ්ලොගක් පිහිටුවන ලදී. "
     ඉතින් සහෝදරවරුනි, සුළඟ‍ේ පාවෙන උන් ගොඩක් ඉන්න පුළුවන්. ඒ හැම එකෙක්ම එකම තැනක රැ‍දෙන්නේ නෑ. එකම තැනකට ආයෙත් එන්නෙත් නෑ. ඒත් වාරා රැදෙන්නයි හදන්නේ. ඒ වගේම තවත් සුළඟ‍ේ ගසායන ජීවිත වාරා ළඟ‍ නවත්තගන්නයි හදන්නේ. ( මානව හිමිකම් කඩ කොරලා මිනිස්සු බලෙන් තියාන ඉන්නවා කියලා නඩු දාන්න එහෙම හදන්න එපා ඕං...!)
   වාරාගේ ආගමනය කියලා මහා පොත් රාජයෙක් එළි දක්වනවා වගේ හෙන හෑල්ලක් ලියන්න වාරා යන්නේ නෑ ඕං. වාරා හමාගෙන නොයන වෙලාවට මොනවා හරි ලියන්න තමයි හදන්නේ. නිකමට වගේ...!
   වාරා එක්ක නිකමට හමාගෙන යමුකෝ එහෙනම්....!!!!!!!!
   වැඩි වැඩියෙන් සුළං ලැබේවා....!!!!

බලාපොරොත්තුවක්...!


වෙලෙන සීතල ගත වටකර
හැකිළෙමි උණුහුමකට
නමුදු සීතල හදවතක්
කළ හැකිවේවිද උණුසුම්...
සිත අද්දර රැ
ඳුණු උණුහුම
රැගෙන ගිය කළ...
හිම වරුසා වසීවී...
සිහිල් සුළං හමාවී...
නිරුවත් හදවත
,
පීඩිතය නිසලව අද.
හිම තලාවේ නැවතී
,
යා නොහී නිසල වී
මිදී
 හිම කැටියක් ලෙස...
පණ අදියි කෙමෙන්...
බි
යි තව ඉතිරි...
මියෙයි හදවත නු
ඳුරේදී...
අපේක්ෂාවකි එය නම්
,
මළගම රිදෙන හදවතේ.
එවිට හැකිළුන විට සීතලට
ගත උණුසුම් වෙනු ඇත...
පීඩිත සිතක් තව නැත...!
  

  ©ASD (වාරා) (20/12/2017)